හැමෝටම ආයුබෝවන් ඔන්න අදත් අලුතින් C පාඩමක් ඔයාලට කියල දෙන්නයි මේ ලාස්තිය.ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙන් ඔයාලට Cods Bloks install කරන හැටි කියල දුන්නු වෙලේ ඔයාලට පොඩි Code එකක් දුන්න නිකන් ගහල බලන්න කියල
ඔන්න ඉතින් අද කියල දෙන්න යන්නේ මෙන්න මේ Code එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන හරි මුලින්ම අපි බලමු C වල Programming structure එක මොන වගේද කියල පහල රූපය බලන්නකෝ
හොදට බලන්න ඔය උඩ රූපය දිහා අපි C වලින් මොන Programme එක ලිවුවත් ඔන්න ඔය උඩ තියෙන ටික අනිර්යේන්ම ලියන්න ඕනේ හරි අපි දැන් බලමු මේ එක එක Line එකකින් මොනවද කියන්නේ කියල මුලින්ම කියන්න ඕනේ මම මෙතැනදී කියන සමහර දේවල් සමහර වචන ඔයාලට නොතේරෙයි එකට බය වෙන්න එපා ඔය හැමදෙයක් ගැනම මම ඉස්සරහදි කියල දෙනවා මෙතැනදී මම මේ දේවල් ඔයාලට කියන්නේ ඔය උඩ තියෙන code lines ලියන්නේ අයි කියල දළ අවබෝදයක් ගන්න මොකද නැත්තන් ඔයාල ඕවා කටපාඩම් කරන්න පුරුදු වෙනවා.😁
හරි අපි මුලින්ම ගමු පලවෙනි Line එක මේකේ තියෙන්නේ,
#include <stdio.h>
ඔකේ #include කියන එකෙන් කියන්නේ වචනයෙන් කියවෙනවා වගේම Include කරන්න නැත්තන් ඇතුලත් කරන්න කියන එක එතකොට පලවෙනි Line එකෙන් අපි කියල තියෙන්නේ stdio.h කියල File එකක් තියෙනවා ඒ File එක අපේ program එකට ඇතුල් කරන්න කියන එක.
හරි ඊළගට stdio.h කියන්නේ මොකක්ද stdio.h කියන්නේ library File එකක් අපි කියනවා function of library කියල ඒ කියන්නේ function ගොඩක එකතුවක් මොකක්ද මේ function එකක් කියන්නේ කියල මම ඉස්සරහ පාඩම් වලදී කියල දෙන්නම් දැනට මෙහෙම හිතන්නකෝ අපිට C වල කිසියම් දෙයක් Display කරන්න ඕනෙනම් printf කියන function එක ඕනේ වෙනවා අපිට User ගෙන් මොනවා හරි දෙයක් input එකක් ගන්න ඕනෙනම් scanf කියන function එක ඕනේ වෙනවා එතකොට printf ,scanf වගේ data input කරන්න output කරන්න ඕනේ වෙන function තියෙන්නේ මෙන්න මේ stdio.h කියන library File එක ඇතුලේ stdio කියන්නේ standard input output කියන එක ඒයන්නේ printf ,scanf වගේ ඒවා භාවිතා කරන්නනම් අපිට අනිවාර්යෙන්ම stdio.h කියන File එක අපේ program එකට
Include කරගන්නම ඕනේ,
හරි අපි ඊළගට යමු දෙවෙනි Line එකට මේකේ තියෙන්නේ,
int main ()
{
}
හරි මේ තියෙන්නේ අපේ program එකේ තියෙන වැදගත්ම තැනක් මේක තම අපේ main function එක ඒ කියන්නේ අපි ලියන program එකේ කොහේ තිබ්බත් කොහෙන් හරි හොයල අපේ program එක Run කරන්නේ මෙන්න මේ main function එක ඇතුලේ තියෙන ඒවා විතරයි. int main () කියන එකට පස්සේ තියෙනවා { එකක් මේකෙන් තමා කියන්නේ අපේ main function එක පටන් ගන්නේ මෙතනින් කියල ඊළගට යට තියෙනවා } එකක් මේකෙන් කියන්නේ අපේ main function එක මෙතනින් ඉවරයි කියන එක ඒ කියන්නේ අපි ලියන හැම program එකක්ම ලියන්න ඕනේ මෙන්න මේ { } දෙක අතරේ
int main ()
{
//program එක ලියන්න ඕනේ මෙතන
}
ඊළගට තියෙනවා return 0 කියල එකක් මේක ගැන වැඩිය හිතන්න එපා නිකන් ලාවට වගේ මෙහෙම දැනගන්නකො අපි මේකට කියන්නේ Return Type එක කියල අපි ඔහොම Return Type එකක් දැම්මේ අපේ main function එකේ main එකට කලින් int කියල තියෙන නිසයි දැනට එහෙම මතක තියගත්තම හොදටම ඇති,
හරි ඊළගට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ගොඩාක් Programming Errors වලට හේතුව වෙන සෙමිකොලන් එක ඒ කියන්නේ මෙන්න මේක ;
මතක තියාගන්න ඔයාල ලියන්න හැම code statment එකක් අන්තිමටම ; එක දාන්න මොකද අපි අපේ code එක line තියල space තියල ලිවුවට අපේ Compiler එක දකින්නේ සම්පූර්ණයෙන්ම එක line එකක් විදිහට එතකොට ; එක නැත්තන් Compiler ට බැරි වෙනවා අපි ලියපු code වෙන් වෙන් වශයෙන් අදුන ගන්න....
හරි එහෙනම් අද කියල දුන්නේ C වල Programming structure එක මොන වගේද කියල ඊලග පාඩමින් අපි බලමු කොහොමද අපි C වල අපිට ඕනේ දෙයක් display කරන්නේ කියල එහෙනම් හැමෝටම සුබ දවසක්!!!!!!
Tuesday, May 9, 2017
Programming Concepts
Basic Programming Concepts- C Programming structure
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment